මිනිසුන් බලා සිටියදි මෝටර් රථයක් ප්‍රපාතයකට ඇද වැටෙයි.

0
684
- Advertisement -

අනුරාධපුර, ත්‍රිකුණාමලය ප්‍රධන මාර්ගයේ කහටගස්දිගිලිය කන්හිදිගම මංසන්ධිය අසලදී කාර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුලත් කර ඇත.

අනතුරට සිදුවූ කාර් රථයේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයේ එම අවස්ථාවේ සිට ඇති අතර ඔවුන් අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය බලා ගමන් කර සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා සහ රියදුරු කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරු කිරීමට රෝහල් බලධාරින් කටයුකු කර ඇත.

මෙම අනතුරෙන් තුවාල ලබූ අය අනුරාධපුර පදිංචි කරුවන් වන අතර මේ පිළිබඳ වැඩිදුරපරික්ෂණ කහටගස්දිගිලිය පොලිසිය සිදු කරයි.