මින්නේරිය රක්ෂිතයේ දඩයමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට

0
610
- Advertisement -
Share

බෝර 12 ගිනි අවියක් සහ ජීව පතරොම් 06ක් සමඟ පුද්ගලයන් තිදෙනෙක් පෙරේදා (17දා) දහවල් ගිරිතලේ, මින්නේරිය රක්ෂිතයේදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පැවැසීය.

අත්අඩංගුවට පත් පුද්ගලයන් හිඟුරක්ගොඩ, ගිරිතලේ සහ ජයන්තිපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසියට ලද තොරතුරක් අනුව ගිරිතලේ, මින්නේරිය රක්ෂිත ප්‍රදේශයේ කළ වැටලීමකදී පුද්ගලයන් තිදෙනකු සහ බෝර 12 ගිනි අවියක්, ඒ සඳහා භාවිත කරන ජීව පතොරම් 06ක් විදුලි පන්දමක්, පිහියක් ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ සතුන් දඩයම් කිරීම සඳහා පෙරදින (16දා) කැලේට ඇතුළු වූ බවය. පොළොන්නරුව කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඒ.පී. ධම්මික වීරසේකර මහතාගේ නියෝග පරිදි හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන් මින්නේරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ඩබ්ලිව්.ඩී. තුෂාර, උප පොලිස් පරීක්ෂක දිලංකඩවලගේ, ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ගිනිඅවිය ඇතුළු භාණ්ඩ හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත තිබූ බව මින්නේරිය පොලිසිය පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 20 =