මිචිගන්-පෙන්සෙල්වේනියා-විස්කොන්සින් ජෝර්ජියා සහ නෝර්ත් කැරොලිනා ප‍්‍රතිඵල අනුව ජනාධිපති කවුද යන්න තීරණය වනු ඇති.

0
377
- Advertisement -

මිචිගන්-පෙන්සෙල්වේනියා-විස්කොන්සින්
ජෝර්ජියා සහ නෝර්ත් කැරොලිනා ප‍්‍රතිඵල අනුව ජනාධිපති කවුද යන්න තීරණය වනු ඇති.

තවමත් ප‍්‍රතිඵල නිකුත් කර නැති, මිචිගන්, පෙන්සෙල්වේනියා-විස්කොන්සින්-ජෝර්ජියා සහ නෝර්ත් කැරෝලිනා ප‍්‍රාන්ත ප‍්‍රතිඵල අනුව, මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා තීරණය වීමට නියමිත ය.

සිය ආධාරකරුවන් අමතමින්, ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඞ්න් කියා සිටියා, තමන් ජයග‍්‍රහණයේ මාවතට අවතීර්ණව ඇති බවයි.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, අවසන් ප‍්‍රතිඵල නිකුත් වීමටත් මත්තෙන්, තමන් ජයග‍්‍රාහකයා බව ප‍්‍රකාශ කළේ ය. එමෙන්ම, මැතිවරණය ¥ෂිත එකක් බවත්, තමන් ඊට එරෙහිව, ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් කියා සිටියේ ය.