“මැයි මාසයේ සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව හා ආබාධිත දීමනාව සම්පූර්ණයෙන් ම කපා දාලා.” බිමල් රත්නායක.

0
264
- Advertisement -
Share

“මැයි මාසයේ සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනාව හා ආබාධිත දීමනාව සම්පූර්ණයෙන් ම කපා දාලා.” බිමල් රත්නායක.

මැයි මාසයේ, සමෘද්ධි දීමනාව, වැඩිහිටි දීමනවා හා ආබාධිත දීමනාව සම්පුර්ණයෙන් ම කපා දමා ඇති බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බිමල් රත්නායක පවසයි.

එසේ, එම දීමනා කපා දැමීම සදහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන තර්කය වන්නේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාවට, ඉහත කී ප්‍රතිලාභීන් ද අනුයුක්තව සිටීමයි.

ඒ හේතුව දක්වමින්, ඉහත කී පිරිස් කලින් ලබමින් සිටි දීමනා ලබා නොදීම අසාධාරණ ක්‍රියාවක් බව බිමල් රත්නායක පවසයි. මේ සම්බන්ධයෙන් බිමල් රත්නායක, සිය ෆේස්බුක් ගිනුමේ පහත අදහස් පළ කර තිබේ.

මැයි මාසයේ සමුර්ධි දීමනාව, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සම්පූර්ණයෙන්ම කපා දමලා. ඒ ගැන ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව මේ සමග පළකරනවා. දැන් මෙතන තියෙන තර්කය තමයි රුපියල් 5000 දෙන නිසා මෙම දීමනා කපා දැම්මා කියන එක. දැන් අපි දන්නවා සමෘධි පවුලකට හතර දෙනෙකුට වැඩිය ඉන්න (වංචනිකව සමෘද්ධි ගන්න සුළු පිරිසකුත් ඉන්නවා. ඒවා දේශපාලන සහ පුද්ගලික හිතවත්කම් මත කරගත් ඒවා.) උපරිම හම්බවෙන මුදල රුපියල් 3500 යි. දැන් අපි කාටත් තේරෙනවා රුපියල් 3500න් ජීවත් වෙන්න බැරි බව. නමුත් සාමාන්‍ය කාලෙකදි මේ සමෘද්ධි පවුල්වල අය, අඩුආදායම්ලාභීන් කුලී වැඩ කරනවා, ගෙවල්වලට ගිහිල්ලා කුස්සිය වැඩ වලට උදව් පදව් කරනවා , කජු සුද්ද කරල දෙනවා, පොල්ලෙලි කපල දෙනවා, හෝටල් වල විශාල මිදුල් අතුපතු ගාලා දෙනවා, මධ්‍යම පාන්තික නිවෙස් වල ඉන්න වැඩිහිටියන්ව බලාගන්නවා, කාර්යාලවල තේ හදලා දෙන්න එනවා ඔය වගේ රැකියා වලින් හොයා ගත්ත රුපියල් දහ පහළොස් දාහකින් තමයි සමෘධි පවුල් ජීවත් වෙන්නේ.!

දැන් මැයි මාසේ මේ මම කියපු රැකියාවලින් මොනවද තිබුණෙ? මුළු අප්‍රේල්, මැයි මාස දෙකම, බොහෝ දුරට ජුනි මාසේත් මේ ඉහතින් කියපු රැකියා විශාල ප්‍රමාණයක් නැහැ. එහෙම අන්තිම අමාරු මිනිස්සුන්ට ලැබිච්ච සමෘද්ධි ආධාරය, වැඩිහිටියන්ගේ දීමනාව (රුපියල් දෙදාහයි), ආබාධිත දීමනාව කපා දැමීම අන්තිම අමානුෂික යි.ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා ආණ්ඩුවේ ඇමතිවරු නිල නිවාස වෙන් අයින් වෙන්න. මේ කාලේ පුද්ගලික ගෙවල් ඉඳලා වැඩ කරන්න.දැන් අගමැතිවරයා ගත්තොත් විශ්‍රාමික ජනාධිපති නිල නිවසත් (විජේරාම මාවත නිවස) පාවිච්චි කරනවා, අරලියගහ මන්දිරයත් පාවිච්චි කරනවා.ඇමතිවරුන් ට නියමිත සියලුම වාහන භාවිතා කරන එක නතර කරන්න.කපා දමපු සමුර්ධි සහනාධාරය, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව වහාම ගෙවන්න.ආණ්ඩුවක් තියෙන්නෙම දුබල මිනිස්සුන්ට උදව් කරන්න. දුබල මිනිස්සු තවත් දුබල වෙච්ච වෙලාවෙ ඒ මිනිස්සුන්ගෙ සහනාධාරය කපන ආණ්ඩුවක් නරුම ආණ්ඩුවක් මිස වෙන මොකක්ද?

@ Bimal Rathanayake

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 17 =