මැයි දිනයට කලින් එක්සත් ජාතික පෙරමුණ ගොඩ නැගේ. දැවැන්ත මැයි රැුළිය කොළඹ නගර සභා පිටියේ…!

0
632
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි දින රැුළිය කොළඹ නගර සභා පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇති බවත්, කළුතර දිස්ත‍්‍රික්කය ආවරණය වන පරිදි සාර්ථකව දියත් කළ සිරිකොත ගමට වැඩ සටහන, මැයි දිනයෙන් පසුව අනුරාධපුරය ආවරණය කරමින් දියත් කරන බවත් මහ ලේකම් වරයා පවසයි. මැයි දිනයට පෙර, රාජපක්ෂ විරෝධී බලවේග එක් කරමින්, එක්සත් ජාතික පෙරමුණ ගොඩ නගන බවත්, ඒ සදහා වූ මුල් අදියරේ සාකච්ඡුා මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති බවත් ඒ මහතා මාධ්‍ය හමුවේ පැවසී ය.