මැතිවරණ කොමිසම මැදිහත් වී සජිත් ගේ ප්‍රදානයක් වළක්වයි.

0
379
- Advertisement -
Share

මැතිවරණ කොමිසම මැදිහත් වී
සජිත් ගේ ප්‍රදානයක් වළක්වයි.

හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ 96 වන ජන්ම දිනය නිමිත්තෙන්, පොල්ගස්ඕවිට, වෑතර, දිසා රෝහලට, රුපියල් ලක්ෂ 37ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාගය කිරීමට, සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස දැරූ උත්සාහය මැතිවරණ කොමිසම මැදිහත් වී වළක්වා තිබේ.

රෝහලට අඩුවක්ව පැවති, හෘදය පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක් මෙම ප්‍රදානයට ඇතුත්ව තිබුණි.

අද පෙරවරු දහයට, මෙම ප්‍රදානය, රෝහලට ලබා දීමට සැලසුම් කර තිබුණද, මොරටුව සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණ, මෙම ප්‍රදානය ලබා දීම වළක්වන ලෙස, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ට දැනුම් දී ඇති බව පවසා තිබේ.

එම හේතුව මත, අදාල උපකරණ තොගය රෝහලට පරිත්‍යාග කිරීමෙන් තොරවම ඔවුන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 4 =