මැතිවරණ කොමිසම එපා කියද්දීත් බදියුදීන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්.

0
376
- Advertisement -
Share

මැතිවරණ කොමිසම එපා කියද්දීත්
බදියුදීන්ට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින දේශපාලඥයන්ට සම්බන්ධ නඩු කටයුතු මැතිවරණය අවසන් වනතෙක් කල් තබන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලා තිබියදීත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, එළැඹෙන සදුදා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට නියෝග කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන්ට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලනඥයන්ට අදාල නඩුකටයුතු, මැතිවරණය අවසන් වන තෙක් කල් තබන ලෙස, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ලිඛිතව, වැඩ බලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නායකයන් අතර හමුවේ දී සියළු පක්ෂ නායකයන් එම යෝජනාවට එකග වී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + 2 =