මැතිවරණ කොමිසමේ වගකීම මැතිවරණ කල් තැබීම නොවේ; මැතිවරණ පැවැත්වීමයි.

0
409
- Advertisement -

මැතිවරණ කොමිසමේ වගකීම වන්නේ මැතිවරණ කල් දැමීම නොව, සෞඛ්‍ය අංශ මගින් ලබා දී තිබෙන උපමාන අනුව කටයුතු කරමින් මැතිවරණය පැවැත්වීම බව අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසයි.

පැරණි පාර්ලිමේන්තුව යළි කැදවන්න යයි, විපක්ෂයට සම්බන්ධ පක්ෂ විසින් ඉල්ලා සිටින්නේ, ජනතාවට ඇති ආදරයට නොව, කොරෝනා මර්දනය සදහා ජනපති සහ අගමැති විසින් ගෙන යන වැඩ පිළිපෙළ කඩාකප්පල් කිරීමට බවද අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය බලධාරීන් පවසන ආකාරයට, පසුගිය දින පහළොව තුළ, එකදු රෝගියෙක් හෝ සමාජයෙන් වාර්තා වී නැති බව පවසන අමාත්‍යවරයා, කොරෝනා මර්දනය කිරීම සදහා රජය සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගෙන ඇති බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =