මැතිවරණය සම්බන්ධ පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.

0
357
- Advertisement -
Share

මැතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

විනිසුරු මඩුල්ලේ මූලිකත්වය අගවිනිසුරුවරයා විසින් දරනු ලබයි.

ප‍්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, සිවිල්සංවිධාන කි‍්‍රයාධර, පාක්‍යසෝතී සරවනමුත්තු, නීතීඥ චරිත ගුණරත්න සහ සමගි ජන බලවේගය විසින්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන අතර, එම පෙත්සම් විභාගයට ගැනීම ලබන 18 වන දා සිදු කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =