මැතිවරණය සම්බන්ධයෙන් වූ පෙත්සම් වැඩි දුර සලකා බැලීම මැයි 18 සහ 19 දක්වා කල් යයි.

0
328
- Advertisement -
Share

ජූනි 20 මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක් කරමින් නීතීඥ චරිත ගුණරත්න ඉදිරිපත් කර තිබුණු පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව පෙත්සම පිළිබදව වැඩිදුර සලබා බැලීම මැයි මාසයේ 18-19 යන දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාල පෙත්සම් හදිසි කාර්යක් ලෙස සලකා දින නියම කරන ලෙසත්, එසේ දින නියම කරන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි, ජනාධිපති නීතීඥ සුමන්තිරන් ඉල්ලා සිටි නමුත්, එකී අතුරු තහනම් නියෝගය අද දිනයේ දී නිකුත් කිරීම විනිසුරු මඩුල්ල ප‍්‍රතික්ෂේප කරන ලදී.

අදාල පෙත්සම සලකා බලන ලද්දේ, අගවිනිසුරු ඇතුළු ත‍්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + fourteen =