මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ – මේ සතියේ ගැසට් කරයි.

0
170
- Advertisement -
Share

මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ – මේ සතියේ ගැසට් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය යටතේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති විශේෂ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් පත්‍රය, මේ සතියේ දී නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා දෙවන රැල්ලක අවදානමක් රට තුළ මතුවීමත් සමග, මෙම සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පමා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරියට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් තිබුනි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරන තෙක්, මැතිවරණයට අදාල රාජකාරීවලින් ඉවත්වන බවට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද අනතුරු හගවා තිබුණේ ය.

කෙසේ වෙතත්, එළැඹෙන සිකුරාදා දිනයේ දී – බොහෝ දුරට මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 7 =