මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබියදී අළුතින් ලේකම්වරු 07 ක් පත් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් නොවේ ද..?

0
2465
- Advertisement -
Share

මැතිවරණයක් ප‍්‍රකාශ කර තිබියදී, රාජ්‍ය නිළධාරීන් පත් කිරීම හෝ මාරු කිරීම ව්‍යවස්ථාවෙන් ම තහනම් කර තිබුණද, ඊයේ දිනයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ හතක් සදහා නව ලේකම් වරු හත් දෙනෙකු පත් කර ඇති බවත් එය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන කි‍්‍රයාමර්ගය කුමක්ද කියා තමන් බලා සිටින බවද ඔහු පවසයි.

අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්, සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මේ අදහස් ප‍්‍රකාශ කර සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 15 =