“මැච් එක වික්කේ ක්‍රීඩකයෝ නෙවෙයි; ක්‍රිකට් බලධාරීන්..! මැච් එක පැරදුණාට පස්සේ එක ලොක්කෙක් කාර් කොම්පැණියක අයිතිකාරයෙක් උනා.”

0
3226
- Advertisement -
Share

මැච් එක වික්කේ ක්‍රීඩකයෝ නෙවෙයි;
ක්‍රිකට් බලධාරීන්..!
මැච් එක පැරදුණාට පස්සේ එක ලොක්කෙක් කාර් කොම්පැණියක අයිතිකාරයෙක් උනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබුණු 2011, ක්‍රිකට් ලෝක කුසලානය, ලංකාව විසින් ඉන්දියාවට විකිණූ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, පසුගිය දා සිරස රූපවාහිනියේ නිවුස් ලයින් වැඩසටහන සමග එක් වෙමින් කියා සිටියේ ය.

සිරස නිවුස් ලයින් සමග පැවති සාකච්ඡාවේ දී පැවසූ සියල්ල සත්‍යය බව අමාත්‍යවරයා යළිත් වරක් තහවුරු කර තිබේ. ඒ ඬේලි මිරර් පුවත් පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

අමාත්‍යවරයා ඬේලිමිරර් පුවත් පතට දී තිබෙන ප්‍රකාශයට අනුව, ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලානය පාවාදීම සම්බන්ධයෙන්, හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා දැනටමත් ලෝක ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

එමෙන්ම, මීට පෙර අවස්ථා තුනක දී ම, ඔහු මේ පිළිබදව මාධ්‍යයට ප්‍රකාශයට කර තිබේ.
තමන්, ලෝක කුසලානය විකිණූ බවට ක්‍රීඩකයන්ට චෝදනා නොකරන බව ද අමාත්‍යවරයා පවසයි. ඔහුට අනුව, ලෝක කුසලානය ඉන්දියාට විකුණා ඇත්තේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නිළධාරීන්ය.

ලංකාව, ඉන්දියාවට පරාජය වීමෙන් පසුව, එක් ක්‍රිකට් ලොක්කෙක් මෝටර් රථ සමාගමක් මිලදී ගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිදු කළ වෙනස් කම්, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඔහු දැනගැනීමටත් පෙරම, ඉන්දීය මාධ්‍ය දැන සිටි බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 5 =