මාස හයක දී ලක්ෂ 270 ක් අයථා ලෙස උපයලා.
ඇමති මහින්දානන්දට එරෙහි නඩුව පෙබරවාරි 03 දක්වා කල් යයි.
2012 ඔක්තෝබර් මාසයේ සිට 2013 අප්‍රේල් මාසය දක්වා අතර කාලය තුළ, ක්‍රීඩා අමාත්‍යවරයාව සිටිය දී, අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 270 කට ආසන්න මුදලක් වැය කර, බොරැල්ල කින්සි පාරෙන් නිවසක් මිලදී ගෙන ඇති බවට, අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පනවන ලද නඩුවේ වැඩි දුර විභාගය පෙබරවාරි මාසය දක්වා කල්ගොස් තිබේ.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටින අතර, විත්තිකරුවෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියි.