මාල හොරා පොලිසියට කොටු වෙයි.

0
813
- Advertisement -

දිවයිනේ ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑමේ නිරත වු පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

රාගම පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මුලස්ථානය සඳහන් කලේ.

සැකකරු රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

ඔහු විසින් රාගම, කඩවත හා ගනේමුල්ල යන ප්‍රදේශවල රන් මාල කොල්ලකෑම් ගණනාවක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත්සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමතයි.