මාලිංගගෙන් ඕස්ට්‍රේලියාවට පාඩමක්

0
847
- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් අනතුරුව අපුරු සිදුවීමක් ගැන විදේශ මාධ්‍යය හරහා කතාබහට ලක් වුනා.

පෙර පුහුණු තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙක සිය හෝටල් කරා පිටත් වෙද්දි ශ්‍රී ලංකා වේග පන්දු යවන ලසිත් මාලිංග සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මාක්ස් ස්ටොයිනික් දෙදෙනා පමණක් ක්‍රීඩා පිටියේ නතර විය.

මොවුන් දෙදෙනා ක්‍රීඩා පිටියේ නතර වී ඇත්තේ පුහුණු වීම් වල නිරත වීම සදහායි. නමුත් ලසිත් මාලිංග ප්‍රගුණ කර තිබෙන මද වේගි පන්දු යවන ආකාරය ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මාක්ස් ස්ටොයිනිස් හට කියා දී ඇත.

මෙම සිදුවීම සමබ්න්ද වීඩියෝවක් මාධ්‍යය මගින් ප්‍රසිද්ධ වීමත් සමග මාධ්‍ය ඒ පිළිබදව මාලිංගගෙන් ප්‍රශ්ණ කර සිටියදි මාලිංග පැවසුවේ.

“සීමිත ඕවර තරග වලදී පන්දු යැවීමේ විවිධාංගීකරණය හරිම වැදගත්. අයි.පී.එල්. තරගාවලියේදී පවා එයාට ඕනෑ කළා මම මේ මඳවේගී පන්දුව යොදාගන්නා ආකාරය ගැන දැනගන්න,”

“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා. කාටහරි මොනවාහරි දෙයක් ගැන දැගනන්න ඕන නම්, මම එයාට උදව් කරනවා. මඳ වේගී පන්දුව යවන්නේ කොහොමද, ඒක යොදාගන්නනේ කොයි වගේ වෙලාවලදීද, මඳ වේගී පන්දුව යොදාගන්නේ ඇයි.? වගේ මේ කොයි දේත් කියා දෙන්න මා සූදානම්” යනුවෙන් පැවසුවා.

එම අවස්තාවේ වීඩියෝව පහතින්,