බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වීමට නියමිත කැරිබියන් ප්රිමියර් ලීග් විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය අගෝස්තු මස 21 වෙනිදා සිට සැප්තැම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිතයි.
කැරිබියන් ප්රිමියර් ලීග් විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදි වැඩි මිලකට වෙන්දේසි වූ ක්රීඩකයන් අතර ලසිත් මාලිංග සහ ඉසුරු උදානද ඇතුලත් වී තිබෙනවා.
ඊයෙ ලන්ඩන් නුවර පැවති ක්රීඩක වෙන්දේසියේදි ලසිත් මාලිංග ශ්රී ලංකා රුපියල් කෝටි 2.8කට, ඉසුරු උදාන ද එම මුදලටම අලේවි වී ඇත.
ලසිත් මාලිංගව රුපියල් කෝටි 2.8කට ශාන්ත ලුසියා කණ්ඩායම මිලදී ගනිද්දි, ඉසුරු උදාන රුපියල් කෝටි 2.8 කට ශාන්ත කිට්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන ඇත.
මීට අමතරව කැරිබියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සදහා ශ්රී ලංකාවෙන් එක්වෙන අනෙකුත් ක්රීඩකයන් වන්නේ තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, සීක්කුගේ ප්රසන්න.