මාර්තුව පටන් ගත්තා…! වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1000 ක් වුණාද..?

0
448
- Advertisement -

වතු කම්කරු දෛනික වැටුප, මාර්තු මාසයේ සිට රුපියල් දහසක් බවට පත් කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවකි.

කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද, පසුගිය කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී, වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන බවට පොරොන්දු විය.

කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍යවරයා වන රමේෂ් පතිරණ මහතා තවමත් මේ බව තහවුරු කර නැත.

එසේම, වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකග වූ බවක්ද ප‍්‍රකාශ කර නැත.

වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් කිරීමට අවශ්‍ය අතිරේක මුදල රජය විසින් ගෙවන බව හෝ එම මුදල් උපයා ගන්නා ආකාරය හෝ මෙතෙක් රජය විසින් ද ප‍්‍රකාශ කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 5 =