මාර්තුවේ දී ලංකාවට එරෙහිව අළුත් ජිනීවා යෝජනාවක්.

0
574
- Advertisement -

මාර්තුවේ දී ලංකාවට එරෙහිව අළුත් ජිනීවා යෝජනාවක්.

ලබන මාර්තු මාසයේ, ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සභාවාරයේ දී, ශ‍්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට, ඇමරිකා එක්සත් ජනපදනය සූදානම් වන බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

සන්ඬේ ටයිම්ස් වාර්තාවට අනුව, ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත යෝජනාවට අදාල මූලික කටයුතු මේ වන විටත් අවසන් කර තිබේ.

ශ‍්‍රී ලංකාවට එරෙහිව මෙසේ නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත්තේ, මීට පෙර ලංකා රජය සහාය දීමට එකග වී සිටි 30/1 යෝජනාවන්ගෙන් ශ‍්‍රී ලංකා රජය ඒකපාර්ශ්වීයව ඉවත්වීමට තීරණය කිරීමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =