මාරවිල කතෝලික දේවස්ථානයක් පිටුපසන් ජීව උණ්ඩ තොගයක් සොයා ගනී

0
1005
- Advertisement -
Share

මාරවිල නගරයේ කතෝලික දේවස්ථානයක් පිටුපස ලඳු කැලෑවක තිබි ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට මාරවිල පොලීසිය හැකි වුනා

ඊයේ (01) වැනිදා සවස පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමක් අනුව මෙම ජීව උණ්ඩ තොගය මාරවිල වීදි පාරේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානය පිටුපස ලඳු කැලෑවක තිබී සොයා ගත්තා.

එම ස්ථානයේ තිබී එස්.එල්.ආර්. වර්ගයට අයත් උණ්ඩ 02 ක්,මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 02 ක් සහ ටී 56 වර්ගයේ ගිනි අවි වලට යොදන ජීව උණ්ඩ වලට සමාන ජීව උණ්ඩ 02 ක්ද පොලිස් බාරයට ගෙන තිබෙන අතර,වෙන්නප්පුව – ලුණුවිල පාලම අසල තිබී ජීව අත් බෝම්බයක් ද සොයා ගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය සඳහන් කළා.

මෙම ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බය කවුරුන් විසින් මෙම ස්ථාන වලට ගෙනිවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල සහ වෙන්නප්පුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරන බවද සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =