මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා ඇති ලාංකිකයන්ට එරෙහිව සංචාරක තහනමක් සහ වත්කම් අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන එන බව මිෂෙල් බැචලේ අනතුරු හගවයි.
මානව හිමිකම් උල්ලංඝණය කර ඇති බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව සංචාරක තහනමක් සහ විදේශයන්හී පවතින ඔවුන්ගේ වත්කම් අහෝසි කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් වරිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ බව සදහන් කරමින් සකස් කරන ලද යෝජනා මාලාව, මේ වන විටත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව ද පැවසේ.
ලංකා රජයට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබදව විමර්ෂණයට සහ සාක්ෂි රැස් කිරීම සදහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවය පිළිබදව ද මහකොමසාරිස්වරිය සිය වාර්තාවෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වේ.
මානවහිමිකම් කොමසාරිස්වරියගේ මෙම මූලික වාර්තාවට එරෙහිව ජනවාරි විසිහත්වනදාට පෙර මූලික කරුණු දැක්වීමක් සිදු කිරිමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව පැවසේ.
සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි