මාධ්‍යවේදී සම්පත් ලක්මාල්ගේ ඝාතනය. සී.අයි.ඩී අධ්‍යක්ෂක උසාවි කැදවයි.

0
464
- Advertisement -

2006 වසරේ ජූලි මස 02 වන දා, දෙහිවලදී, සම්පත් ලක්මාල් යන මාධ්‍යවේදියා, නාදුනන වෙඩික්කරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.

සම්පත් ලක්මාල් මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වසර ගණනක් පුරා ඇදී ගිය අතර, අවසානයේ දී, 2015 වසරේ දී, ඔහුගේ ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව නම කියැවුණු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු විසින් ම කරන ලද බවට හෙළිදරව් විය.

සම්පත් ලක්මාල්, ලක්බිම සහ ඉරුදින යන පුවත්පත්වලට ලිපි සැපසූ, නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේ ය. ඔහු, ආරක්ෂක අංශ සහ ඒවායේ කි‍්‍රයාකාරීත්වය ගැන ලියූ මාධ්‍යවේදියෙකි.

අදාල නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ දී, ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් චින්තක ලියනගේ මහතා නියෝග කළේ, ජූනි මස 24 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකරවරයාට නොතීසි නිකුත් කරන ලෙසයි.
එදින අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත්, ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන බවද මහේස්ත‍්‍රාත්වරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × five =