“මාධ්‍යවේදිනියට හිරිහැර කිරීම වහාම නවතනු.” ජාත්‍යන්තර සංවිධාන පහක් ලංකා රජයට දන්වයි.

0
1195
- Advertisement -
Share

මාධ්‍යවේදිනියට හිරිහැර කිරීම වහාම නවතනු.
ජාත්‍යන්තර සංවිධාන පහක් ලංකා රජයට දන්වයි.

සන්ඬේ ඔබ්ස්සවර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරිය සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිය වන, ධරීෂා බැස්ටියන්ට එරෙහිව, ශ්‍රී ලංකා රජයේ බලධාරීන් විසින් සිදු කරන, හිංසා වහාම නවත්වන ලෙසට, ජාත්‍යන්තර සංවිධාන පහක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

මාධ්‍යවේදිනිය වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කර තිබෙන්නේ, “ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය”, “දේශසීමා නැති මාධ්‍යවේදීයෝ”, “හියුමන් රයිට් වොච්”, “මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා වූ කමිටුව” සහ “පෙරටුගාමී ආරක්ෂකයෝ” යන ජාත්‍යන්තර සංවිධාන පහ විසිනි.

මෙම සංවිධාන පවසන්නේ, මාධ්‍යවේදිනියක සහ කාන්තා ක්‍රියාකාරිනියක වන ධරීෂා බැස්ටියන් සහ ඇගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව සිදු කරමින් සිටින බිය වැද්දීම සහ හිරිහැර කිරීම වහාම නවතා දැමිය යුතු බවයි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනියක පැහැර ගැනීමේ සිදුවීමට අදාලව විමර්ෂණ කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාල සිදුවීම සැබැවින්ම සිදු වූවක් නොවන බවත්, එය කිසියම් කණ්ඩායමක් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සදහා හිතා මතා ගොතන ලද කතන්දරයක් බවත් ප්‍රකාශ කිරීමට උත්සාහ කරයි. ධරීෂා බැස්ටියන් නම් මාධ්‍යවේදිනිය ද එම ව්‍යාජ පුවත නිර්මාණය කිරීමට දායක වී ඇති බව තහවුරු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, අදාල සංවිධාන පෙන්වා දෙයි.

ස්විස් තානාපති නිළධාරිනිය පැහැර ගැනීමේ සිදු වීම අසත්‍යයක් බව ස්විස් රජය විසින් මෙතෙක් පවසා නැත.

රජයට හිතවත් මාධ්‍ය, ධරීෂා බැස්ටියන් නම් මාධ්‍යවේදිනිය දේශද්‍රෝහියෙකු බවට පත් කිරීමට උත්සාහ කරමින් සිටින බවටද එම ජාත්‍යන්තර සංවිධාන චෝදනා කරයි.

ධරීෂා වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන, ඇයට එරෙහිව දියත්ව තිබෙන හිංසා කිරීමේ ව්‍යාපෘතිය හෙලා දැක ඇති අතර, ධරීෂාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටද ඉල්ලා සිටියි.

(Newswire)ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × four =