මාතලේ පල්ලෙපොල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු සහ තවත් දෙදෙනෙකු මත්කුඩු සමග අත්අඩංගුවට

0
427
- Advertisement -
Share

රැකියාවට මුවාවී මත්කුඩු වෙළඳාමේ නිරත මාතලේ පල්ලෙපොල ප්‍රාදේශීය සභාවේ සේවකයෙකු සහ තවත් දෙදෙනෙකු මත්කුඩු සමග සැකපිට ඊයේ (02) පස්වරුවේ මහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලේපොල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන ඩී .එන්. ජි . ප්‍රදීප් රුවන් පියරත්න ප්‍රදේශීය සභාවේ සේවකයෙකු වූ කේ .ඩී දිලීප් මධුෂාන් ජයතිලකල, ටී.ජි . ලක්මාල් අරුන්ජිත් රාජපක්ෂ යන තරුණයෝ තිදෙනෙකි.

මෙම තරුණයන් ඉතා රහසිගතව ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බවත් ප්‍රදේශීය සභාවේ සේවකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂාකිරීමේදී ඔහු සන්තකේ මිලි ග්‍රෑම් 30 ක මත්කුඩු පැකට් සොයාගත් බවත් ඔහුගෙන් ලද තොරතුරු අනුව අනෙක් තරුණයන් දෙදෙනා දමිලිග්‍රෑම් 30 බැගින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බව මහවෙල පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ සහෝදරයෙකු ද මීට පෙර මත්කුඩු සමඟ මහවෙල පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

පල්ලේපොල ලමහවෙලල මාදිපොල ල ප්‍රදේශවල පාසල් ළමුන් සහ ග්‍රාමීය තරුණයන් ඉලක්ක ගත කොට ඉතා සූක්ෂම ලෙස මත්කුඩු භාවිතයට මෙම පුද්ගලයන් විසින් හුරු කරන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරුවන් තිදෙනා සහ අත්අඩංගුවට ගත් මත් කුඩු තුළ දින නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =