“මළවුන් සමරන්න ඉඩ දෙන්නැයි දෙමළු ඉල්ලති.
මළවුන් මිහිදන් කරන්න ඉඩ දෙන්නැයි මුස්ලිම්වරු ඉල්ලති.
මළවුන්ට යුක්තිය ඉෂ්ඨ කරන්නැයි කතෝලිකයෝ ඉල්ලති.
මොකද්ද මේ රට..?” රාසමානික්කම් මන්ත්‍රීවරයා අසයි.
මළවුන් සැමරීමේ අයිතිය තහවුරු කර ගැනීම සදහා උතුරේ ද්‍රවිඩ ජනතාවට අධිකරණයට යාමට සිදුව ඇති බව ශානක්‍ය රාසමානික්කම් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ය.
එමෙන්ම, කොරෝනාවෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මුස්ලිම් ජනතාවට අධිකරණයට යාමට සිදුව ඇති අතර, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය කතෝලිකයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටීමට කාදිනල් හිමිපාණන්ට සිදුව ඇති බවද ඔහු පවසයි.
සිංහල බෞද්ධ රාජයක පදනම වන මනුෂ්‍යත්වයට ගරු කිරීම නම් මූලධර්මය මේ රට තුළ ගිලිහෙමින් පවතින බව ද මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.
මළවුන් සිහිකිරීමට උත්සාහ කළ සහ – සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව විවිධ දේ හුවමාරු කරගත් කිහිප දෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, රජය, තමන්ගේ නොහැකියාව වසා ගැනීම සදහා ජනතාවගේ අවදානය වෙනත් දිශාවන්ට යොමු කිරීමට කටයුතු කරන බවටද චෝදනා කරයි.