මහ රෑ කළ පැහැර ගැනීමට එරෙහිව, පාඨලී ගේ රියැදුරාගේ බිරිද විසින් ආරක්ෂක ලේකම්ට සහ පොලිස් නිළධාරීන්ට එරෙහිව නඩු දමයි.

0
749
- Advertisement -

හිටපු අමාත්‍ය චම්පික රණවක මහතාගේ රියැදුරාගේ බිරිද වන ඉරේෂා ලක්මාලී නැමැත්තිය, ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වග උත්තරකරුවන් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලිකි අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

පසුගිය දහවනදා මැදියම් රැුයේ, තමන්ගේ නිවසට කඩා වැදුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පිරිසක් විසින්, තමන්වත්, මාසතුනක් වයසැති තමන්ගේ දියණියත්, ස්වාමි පුරුෂයාගේ මවත් බලහත්කාරයෙන්, ගාල්ල ඉමදූවේ සිය නිවසේ සිට කොළඹ බත්තර මුල්ල ප‍්‍රදේශයට රැුගෙන ආ බව කියමින් ඈ විසින් අදාල නඩුව ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =