මහ ඡන්දයට දින නියම වෙයි.

0
632
- Advertisement -

ලෝක් සභාව හෙවත් පහළ මන්ත‍්‍රී මණ්ඩලය සහ උත්තර මන්ත‍්‍රී මණ්ඩලය වශයෙන්,
ඉන්දීය පාර්ලිමේන්තුව මණ්ඩල දෙකකින් සමන්විතය. ලෝක් සභාව හෙවත් පහළ මන්ත‍්‍රී මණ්ඩලය සදහා
මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණය අපේ‍්‍රල් 11 වෙනි දා සිට මැයි 19 වන දා දක්වා පැවැත් වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඡුන්ද දායකයන් මිලියන 900 ක් ඡුන්දය භාවිතා කිරීම සදහා සුදුසුකම් ලබා තිබෙන ඉන්දීය මහ මැතිවරණය, ලෝකයේ දැවැන්තම පාර්ලිමේන්තු මැතිවරණය ලෙස සැලකෙයි.
අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂය සහ ප‍්‍රධාන විපක්ෂය වන රාවුල් ගාන්ධී නායකත්වය දෙන කොන්ග‍්‍රස් පක්ෂය මැතිවරණය සදහා තරග වදින ප‍්‍රධාන පාර්ශ්ව දෙකයි..!
ලෝක් සභාව සඳහා මන්තී‍්‍රවරු 543 දෙනෙකු තෝරා පත් කර ගන්නා අතර, මන්ත‍්‍රී ධූර 272 ක් ලබා ගන්නා පක්ෂය හෝ සන්ධානය, ආණ්ඩුව පිහිටුවීමේ බලය අත්පත් කර ගනී.