මහේලගෙන් මහින්දානන්දට අභියෝගයක්. “මැච් එක විකිණුවේ කවුද කියන්න.”

0
11512
- Advertisement -
Share

මහේලගෙන් මහින්දානන්දට අභියෝගයක්.
මැච් එක විකිණුවේ කවුද කියන්න.

2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය, ශ්‍රී ලංකාව ඉන්දියාවට විකිණූ බව, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

සිරස රූපවාහිනියේ විකාශය වන නිවුස් ලයින් වැඩසටහන හා එක් වෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙම චෝදනාව ඉදිරිපත් කළේ ය.

හිටපු අමාත්‍යවරයා සදහන් කරන, මෙම විශේෂ ක්‍රිකට් තරගය නැරඹීම සදහා, එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ ද මහතාද ඉන්දියාව බලා ගොස් තිබුණේ ය.

අවසන් මහා තරගයේ දී මහේල ජයවර්ධන ශතකයක් රැස් කළ අතර, මහින්දානන්ද අළුත්ගමගේ ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් තබා ඇති මහේල, තරගය විකිණූ බවට ඇති සාක්ෂි සහ ඊට මැදිහත් වූ පුද්ගලයන් පිළිබදව හෙළිදරව් කරන ලෙස ද ඔහුට අභියෝග කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 8 =