මහින්ද රාජපක්ෂ මහතාගේ නංගිගෙ පුතාත් මාතරින් ඡන්දය ඉල්ලයි. කාංචන විජේසේකර නොසතුටින්.

0
3753
- Advertisement -
Share

මහින්ද රාජපක්ෂ මහතාගේ නංගිගෙ පුතාත්
මාතරින් ඡන්දය ඉල්ලයි.
කාංචන විජේසේකර නොසතුටින්.

මෙවර මහමැතිවරණය සදහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තවත් රාජපක්ෂ වරයෙක් ඉදිරිපත් ව සිටී. ඔහු, නිපුණ රණවක නම් වේ. නිපුණ රණවක, රාජපක්ෂ මහතාගේ නැගණියකගේ පුතෙකි.

තවත් රාජපක්ෂ වරයෙකු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරගයට දැමීම ගැන, මාතරින් ඡන්දය ඉල්ලන කංචන විජේසේකර තරුණ මන්ත්‍රීවරයා නොසතුටින් පසුවන බව වාර්තා වේ.

කාංචන විජේසේකර, පොහොට්ටු පක්ෂයේ සිටින නැගී එන තරුණ නායකයෙකි.

පසුගිය දිනක, කන්චන විජේසේකරගේ ආධාරකරුවන් පිරිසක් සහ නිපුණ රණවකගේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බවද වාර්තා වේ. කෙසේ වෙතත්, තමන්ගේ ආධාර කරුවන් එවැනි ගැටුමකට සම්බන්ධ වූ බවට පැතිරෙන ප්‍රවෘත්තිය, කාංචන විජේසේකර ප්‍රතික්ෂේප කරයි.

එවැනි ගැටුමක් දෙදෙනා අතර නැති බව ප්‍රකාශ කලද, පොහොට්ටු පක්ෂයේ ප්‍රබල ආධාර කරුවෙකු වන, මහින්ද පතිරණ නම් අය, ඔහුගේ නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති මෙම සටහනින්, දෙදෙනා අතර කිසියම් නොහොද නෝක්කාඩුවක් තිබෙන බවට ඉගි සපයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 12 =