මහින්ද – නාමල් ඇතුළු 60 කගේ මන්ත‍්‍රීධූර අවදානමේ.

0
1396
- Advertisement -

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීල ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් මන්ත‍්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත්ල පක්ෂයෙන් ඉවත් කිරීමට නියමිත මන්ත‍්‍රීවරුන්ගේ නාම ලේඛනය සහ අළුතින් පත් කිරීමට නියමිත අයගේ නාම ලේඛනයත් ජනාධිපතිවරයා විසින් සකස් කොට අවසන් බවයි පැවසෙන්නේ.

ඉතාම නුදුරු දිනයකදීල අදාල නාම ලේඛනයල එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම්ල මහින්ද අමරවීර මහතා මගින් මැතිවරණ කොමීසම වෙත ඉදිරිපත් කරනු ඇති.

තමන් තේරීපත් වූ පක්ෂය අත හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීමල කිසියම් මහජන නියෝජිතයෙකුට ඔහුගේ හෝ ඇයගේ මන්ත‍්‍රී ධූරය අහෝසි වීම කෙරෙහි බලපායි.