මහින්ද දෙමළ නායකයන්ට 13 + පොරොන්දු වෙයි.

0
789
- Advertisement -

ජනාධිපතිවරණයෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ජයග‍්‍රහණය කිරීමෙන් පසුව ගොඩනගන ආණ්ඩුව ජාතික ප‍්‍රශ්නය විසදීම සඳහා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය ප‍්‍රායෝගික විසදුමක් ලබා දෙන බව, මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල තමන් හමුවන දෙමළ ජාතික දේශපාලන නායකයන්ට පොරොන්දු වන බව රාවය පුවත්පත වාර්තා කරයි.

වර්ධරාජා පෙරුමාල්, ප‍්‍රභා ගනේෂන් සහ තවත් මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකුම මහින්ද රාජපක්ෂ මහතා හමු වී ජාතික ප‍්‍රශ්නයට ලබා දෙන විසදුම පිළිබදව ඔහු සමඟ සාකච්ඡ කර තිබෙන බවද පුවත්පත වාර්තා කර තිබේ.

මීට අමතරව, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරී යන මහත්වරු සමඟද මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡ පැවැත්වීමට නියමිත බවත්, මෙම සාකච්ඡ සම්බන්ධීකරණය කිරීමේ වගකීම මහාචාර්ය තිස්ස විතාරණ මහතාට පවරා ඇති බවත් සති අන්ත රාවය පුවත්පත පළ කර තිබේ.