මහින්දට පරාජය උරුමකර දුන් බලවේගවලින් ගෝඨා බේරා ගනිමු..!

0
824
- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූ බලවේගයන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමේ වගකීම ජනතාව සතු බව මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව, ඉදිරියේ දී එතුමාට කටයුතු කිරීමට සිදුවන බලවේග පිළිබඳව මේ වන විටත් සමාජය තුළ කතිකාවක් ගොඩ නැගී ඇති බව පවසන අභයතිස්ස හිමියෝ වැඩි දුරටත් පවසන්නේ, මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතු වූ බලවේගවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා බේරා ගැනීමේ වගකීම ජනතාව සතු බවයි.