මහාපරිමාණ කසිප්පු පෙරුම් ස්ථානයක් ආරච්චිකට්ටුව පොලීසිය වටලයි.

0
626
- Advertisement -

ආරච්චිකට්ටුව අඹකැළේ උතුර ප‍්‍රදේශයේ පවත්වාගන ගිය කසිප්පු පෙරුම් ස්ථානයක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් වටලා ඇති අතර එහි තිබී පෙරුම් උපකරණ, ගෝඩා සහ පෙරා නිමකළ කසිප්පු තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

ආරච්චිකට්ටුව පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එම අවස්ථාවේදීත් සැකකරු විසින් තම මුලූතැන්ගෙයි විශේෂයෙන් සකස්කළ ස්ථානයක කසිප්පු පෙරමින් සිට ඇත. ඒ වනවිට පෙරා නිමකළ කසිප්පු බෝතල් 80ක් පෙරීමට සුදානම් කර තිබූ ගෝඩා බැරල් 02 ක්,ගෑස් ලිපක්,ගෑස් සිලින්ඩරයක් ඇතුලූ උපකරණ තොගයක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝඩා තොගය පොලීසිය විසින් එම ස්ථානයේදීම විනාශකර දමා ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආරච්චිකට්ටුව පොලීසිය පවසන්නේ.