“මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නෑ..!” පිළිකා රෝගීහු චෝදනා කරති.

0
172
- Advertisement -

මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නෑ..! පිළිකා රෝගීහු චෝදනා කරති.

අවශ්‍ය සෑම ඖෂධයක්ම රෝහල සතුව ඇති බව, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසූව ද, බෙහෙත් වර්ග රැුසක් එම රෝහල තුළ නැති බව එම රෝහලෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා රෝගීහු පවසති.

උදාහරණයකට cyclophophamide නම් ඖෂධය, එය අවශ්‍ය රෝගීන් සදහා සති කිහිපයක සිට ලබා නොදෙයි. ඊට අමතරව, තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයකම හිගයක් පවතින බව ද පැවසේ.

රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඖෂධ හිගය පිළිබද විමසීමේ දී ඔහු රෝගීන්ට බැන වදින බවත්, ඇතැම් ඖෂධ රෝහල තුළ නැති බව, අධ්‍යක්ෂකවරයා නොදන්නා බවත්, රෝගීහු පවසති.

කොරෝනා සමයේ, අවශ්‍ය ඖෂධ නිවසට එවන බව පවසා සායන සදහා සහභාගී නොවන ලෙසද, රෝහල් බලධාරීන් රෝගීන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. පිළිකා රෝගීන් සදහා දිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයකම හිගයක් තිබිය දී රෝහල් බලධාරීන්ගේ මේ පොරොන්දුව රෝගීන් විශ්වාස කරන්නේ කෙසේ ද යන්න ගැටළුවකි.

රෝහල තුළ නැති ඖෂධ, රෝහලේ ඉදිරියේ ඇති ඖෂධ අලෙවි සැලේ තිබෙන බවටද රෝගීහු චෝදනා කරති.

මේ අතර ඊයේ දිනයේ දී, පිළිකා රෝහලට පැමිණි රෝගියෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, එම ප‍්‍රවෘත්තියෙන්, පිළිකා රෝහලට පැමිණෙන රෝගීන් මහත් සේ තැතිගෙන ඇති බව ද පැවසේ. කොරෝනා පළමු රැල්ල අවස්ථාවේ දී, ඉන් බේරීම සදහා මහරගම අපේක්ෂා රෝහල අනුගමනය කළ පූර්ව කි‍්‍රයාමාර්ග රැසක්, මේ දෙවන අවස්ථාවේ දී ඔවුන් අත්හැර ඇති බවටද චෝදනා එල්ල වේ.