මහබැංකු අධිපති වී දින දහයයි. රුපියල් කෝටි 4,784 ක් අච්චු ගසයි.

0
131
- Advertisement -

මහබැංකු අධිපති වී දින දහයයි.
රුපියල් කෝටි 4,784 ක් අච්චු ගසයි.

මහබැංකු අධිපති ලෙස අජිත් නිවාඞ් කබ්රාල් මහතා පත්වීමෙන් පසුව මේ දක්වා රුපියල් කෝටි 4,784 ක මුදල් ප‍්‍රමාණයක් මුද්රණය කර තිබෙන බව රංජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපති ධූරය සදහා පත් වූ යේ පසුගිය 15 වන දා ය.

ඔහු මහබැංකු අධිපති වූ දිනයට පසුදා දිනයේ දී ම මහබැංකුව රුපියල් මිලියන 45,950 ක මුදලක් අච්චු ගසා තිබේ.


ඉන් පසුව ඊයේ දිනයේ දී තවත් රුපියල් මිලියන 1890 ක මුදලක් අච්චු ගසා තිබේ.
අච්චු ගසා තිබෙන මුදල් මුදල් ප‍්‍රමාණයේ වටිනාකම කොතෙක්ද යත්, අළුතින් තවත් මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන් තොටුපළක් සෑදීමට තරම් එම මුදල ප‍්‍රමාණවත් ය.

මත්තල ගුවන්තොටුපළ සෑදීම සදහා වැය කර තිබෙන මුදල ඩොලර් මිලියන 252 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =