මහබැංකුවේ ඉහළ නිළධාරීන් දෙදෙනෙක් ඉල්ලා අස්වේ. ඉල්ලා අස්වීම ආන්දෝලනාත්මක බව මාධ්‍ය පවසයි.

0
4495
- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිළධාරීන් දෙදෙනෙකු, ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර අති බව වාර්තා වේ.

මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇත්තේ, නිහාල් ෆොන්සේකා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් යන අයයි.

ඔවුන් දෙදෙනාම, මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ රාජකාරී කළ නිළධාරීන් දෙදෙනෙකි.

මහබැංකු මූල්‍ය මණ්ඩලය “යළි සකස් කිරීමට” අදහස් කරන බවදැනුම් දී ඇති නිසා, තමන් ඉල්ලා අස් වූ බව නිහාල් ෆොන්සේකා මහතා පවසා තිබේ.

කෙසේ වෙතත්, අදාල නිළධාරීන් දෙදෙනා දැරූ තනතුරු, රජයන් මාරුවන විට, මාරු නොවන ආකාරයේ තනතුරු දෙකක් බව පැවසේ.

මේ හරහා මහබැංකුවේ ස්වාධීනත්වයට යම්කිසි බලපෑමක් සිදුවිය හැකි බවද මාධ්‍ය වාර්තා පළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 19 =