මහතීර් මොහොමඩ් අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වේ.

0
481
- Advertisement -

මැලේසියානු අග‍්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් මහතා, සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහතීර් මොහොමඞ් සැලකෙන්නේ, මැලේසියාවෙන් බිහි වූ කීර්තිමත් ම අග‍්‍රාමාත්‍යවරයා ලෙස ය. මේ වන විට ඔහු 94 වන වියේ පසුවෙයි.

දිගු කලක් මැලේසියාව පාලනය කොට විශ‍්‍රාම ගොස් සිටි මහතීර් මොහොමඞ් මහතා, නැවත 2018 වසරේ පැවති මහමැතිවරණයෙන් එරට අග‍්‍රාමාත්‍ය ධුරය සදහා තේරී පත් විය. බලයට පත් වූ සැනින්, මහතීර් මොහොමඞ් මහතා සිදුකරනු ලැබූවේ, හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ දුෂණ වංචා පිළිබදව සොයා බැලීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =