මහජන උපයෝගීතා කොමිසම අහෝසියි.
මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සදහා කටයුතු සම්පාදනය කරන ලෙස ඉල්ලමින්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව, මහජන උපයෝගීතා කොමිසමට අනුයුක්තව රාජකාරී කළ කාර්ය මණඩලය වෙනත් සේවා ස්ථාන සදහා අනුයුක්ත කරන ලෙසද දැනුම් දී ඇති බව පැවසේ.
අයවැය යෝජනා අනුව මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
මහජන උපයෝගීතා කොමිසමේ කාර්ය භාරය සහ මෙම කොමිස අහෝසි කිරීමෙන් ඇතිවන බලපෑම පිළිබද වැඩි දුර විස්තර පසුවට බලාපොරොත්තු වන්න.