මලික්ගේ කැමැත්ත රනිල්ට නොවේ සජිත්ට

0
634
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එජාප ජනාධිපති ධූර අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා උත්සාහ දරන බව සති අග අනිද්දා පුවත්පත වාර්තා කරයි. අමාත්‍ය මලික් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස මහතා අතර හමුවක් පසුගිය දා සිදුව ඇති අතර, එම හමුවට හේතු වී ඇත්තේ, පක්ෂය විසින් කරන ලද ජනමත විමසුමක ප‍්‍රතිඵල නිකුත් වී තිබීමය. එම ජනමත විමසුමට අනුව, පක්ෂයේ සිටින ජනප‍්‍රියම නායකයා ලෙස නම් වී ඇත්තේ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ය. මේ අනුව, එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජය ගැනීමට නම්, ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු යැයි මලික් සමරවික‍්‍රම ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බව පුවත් පත වාර්තා කර තිබේ.