මරණ දණ්ඩනය එපා..! එජාපය කියයි.

0
710
- Advertisement -

රට තුළ යළි මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය සමඟ තමන් එකග නොවන බව එක්සත් ජාතික පක්ෂය පවයි. මීට පෙර රට තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති මරණ දඩුවම ලබා දීම අත්හිටුවා තිබෙන්නේ ද එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ, එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම, මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසිනි. ජයවර්ධන මහතා ගත් ඒ මඟ යමින් ඉන් පසුව බලයට පැමිණි ආර්.පේ‍්‍රමදාස සහ ඞී.බී.විජේතුංග යන ජනාධිපතිවරු මෙන්ම, චන්ද්‍රිකා ජනාධිපතිනිය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම අත් හිටුවා තිබුණි. ඊට අමතරව, 2015 දී බලයට පැමිණි යයපාලන රජය, ආණ්ඩුවක් ලෙස මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකිරීමේ තීරණයක්, 2016 වසරේ දී ගෙන ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයටද ඒ බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 3 =