“මරණය ගැන සැකයක් නෑ.” මියගිය මාධ්‍යවේදියාගේ ඥාතීන් කියයි.

0
184
- Advertisement -
Share

මරණය ගැන සැකයක් නෑ.”
මියගිය මාධ්‍යවේදියාගේ ඥාතීන් කියයි.

සිය නිවෙස තුළ මියගොස් සිටිය දී හමු වූ, ද අයිලන්ඞ් පුවත්පතේ මාධ්‍යවේදී සාකි ජබ්බාර්ගේ මරණය සම්බන්ධයෙන් තමන්ට කිසිවෙකු පිළිබදව සැකයක් නැති බව, ඔහුගේ ඥාතීන් පවසන බව නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සාකි ජබ්බාර්, පසුගිය බදාදා දිනයේ දී ඔහුගේ නිවස තුළ මියගොස් සිටියදී හමු වු අතර, එම මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් වෙත ඇගිල්ල දිගු කරමින් අදහස් පල විය.

කෙසේ වෙතත්, එම චෝදනා පදනමකින් තොර චෝදනා බව, සාකි ජබ්බාර්ගේ වැඩිමල් සහෝදරයා විසින් පවසා තිබේ.

සාකි ජබ්බාර්, ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇත්තේ, 1985 වසරේ දී බව පැවසේ.

ඔහු නිතර සංචාරය කරන්නෙකු වන බැවින්, සතියක් තිස්සේ පුවත්පත් කාර්යාලයට වාර්තා නොකිරිම, ඔහු සේවය කළ පුවත්පත් ආයතනය විශේෂත්වයක් ලෙස, නොසලකා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 14 =