මයික් පොම්පියෝ ඇතුළු පිරිස ගොඩබසිති.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, දෙදින සංචාරයක් සදහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරටට පැමිණි බව වාර්තා වේ.
විශේෂ ගුවන් යානාවකින් – ඉන්දියාවේ නවදිල්ලියේ සිට මෙරටට පැමිණ ඇති ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයා හෙට උදෑසන, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිත ය.
එමෙන් ම, මෙම සංචාරයේදී මයික් පොම්පියෝ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වු කොච්චිකඬේ කතෝලික දේවස්ථානයේ ද සංචාරය කිරීමට නියමිත ය.