මම නිර්දෝෂයි. මගේ කතාව අහන්න සිකුරාදා, පෙරවරු 11 ට පවත්වන මාධ්‍ය හමුවට එන්න. නුවන්සොයිසා කියයි.

0
97
- Advertisement -
Share
9 / 100

මම නිර්දෝෂයි. මගේ කතාව අහන්න,සිකුරාදා, පෙරවරු 11 ට පවත්වන මාධ්‍ය හමුවට එන්න.
නුවන්සොයිසා කියයි.


ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී කමිටුව මගින්, කරුණු තුනක් සම්බන්ධයෙන් කි‍්‍රකට් ක‍්‍රීඩක නුවන් සොයියා වැරදිකරු බවට ප‍්‍රකාශ කර තිබේ.

ක‍්‍රිකට් කවුන්සිලයේ මෙම චෝදනාව තමන් පිළිනොගන්නා බව නුවන් සොයිසා පවසයි.
ඒ සම්බන්ධයෙන් ඔහුට කියන්නට ඇති කතාව මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම සදහා, අද සිකුරාදා පෙරවරු 11 ට පවත්වන මාධ්‍ය හමුවට සහභාගී වන ලෙස ඔහු සියළු මාධ්‍යයෙන් ඉල්ලා සිටියි.

නුවන් සොයිසා එම ඉල්ලීම සදහන් කරමින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහත පළ වේ.

මාධ්‍ය හමුව පැවැත්වෙන ලිපිනය සහ අදාල මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වැඩි තොරතුරු ලබා ගැනීම සදහා වූ දුරකථන අංක කිහිපයක් ද එම මාධ්‍ය නිවේදනයේ සදහන් ය.

මාධ්‍ය නිවේදනය,
2020 නොවැම්බර් 19

මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ජනමාධ්‍යවේදීන්, පුවත් සංස්කාරකවරු වෙත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීන්දු ප්‍රකාශයක් හෝ නිකුත් නොකර සාවද්‍ය ලෙස තමා වැරදිකරුවෙකු බවට පළකොට ඇත. මේ පිළිබඳ මාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍ය හමුවක් හෙටදින එනම් 2020 නොවැම්බර් 20 දින පෙ.ව. 11 ට අංක 156, ගාලුපාර, මොරටුව ලිපිනයේ මාගේ අධිනීතිඥ වරයාගේ කාර්‍යාලයේදී පැවැත්වේ.

මෙම අවස්තාව ආවරණය කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයටද මෙයින් ආරාධනා කර සිටී.

-නුවන් සොයිසා

වැඩි විස්තර සඳහා අමතන්න.
ප්‍රියන්ත – 0707079000
අර්ජුන්- 0774673546
දිල්ෂාන් – 0774673546

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 3 =