“මනෝ චිකිත්සාව සදහා ලබා දෙන ඖෂධ භාවිතා කිරීමෙන් සිරකරුවන් ප්රචණ්ඩ වුණා කීම බොරුවක්…!”
ශ්‍රී ලංකා මනෝචිකිත්සකයන්ගේ සංගමය.
මහර බන්ධනාගාරය තුළ ඇති වූ කැරැුල්ලට හේතුව, ඇතැම් සිරකරුවන් මනෝ චිකිත්සක ප්‍රතිකාර සදහා ලබා දෙන ඖෂධ භාවිතා කර ප්‍රචණ්ඩත්වයට යොමු වීම බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන ප්‍රචාර, ශ්‍රී ලංකා මනෝ චිකිත්සකයන්ගේ සංගමය ප්රත්ෂේප කරයි.
මෙවැනි බොරු ප්‍රචාර මගින් සිදුවිය හැක්කේ, මිනිසුන්, මානසික රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට මැලි වීම බව, එම සංගමයේ සභාපති, වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.
මනෝ චිකිත්සක ප්‍රතිකාර සදහා, ලංකාව ද භාවිතා කරන්නේ, ලෝකයේ අනෙක් සෑම රටකම නිර්දේශ කර ඇති ඖෂධ බව වෛද්‍යවරයා පවසයි.