මන්නාරම ජනතාව වැලි ජාවාරමට එරෙහිව මහමගට බසී

0
421
- Advertisement -

වැලි ප්‍රවාහන බලපත්‍ර අහොසිකිරීමත් සමග මන්නාරමේ පෞද්ගලික ඉඩම්වලින් විවිධ වැලි ජාවාරම් කරුවන් විසින් නීතිවිරෝධීව සිදු කරන වැලි ගොඩදැමීම් වහාම නවතන ලෙස ඉල්ලා ඊයේ (28) මන්නාරමේදී විරෝධතාවයක්  පැවැත්වුනා.

මන්නාරමේ ආගමික නායකියින් හා සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර විරෝධතාවය පැවත්වූවේ මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.

 එහිදී විරෝධතාවයට එක්වූවන් මෙසේ අදහස් දැක්වූවා: 

‘වර්තමානය වන විට මන්නාරමේ වැලි මාෆියාවක් වී ඇති බවටත් වැලි ජාවාරම් කරුවන් විසින් වැලි ගොඩදැමීම සිදු කරන අතරවාරයේ එය නැවත්වීමට අදාල ප්‍රදේශයන් වෙතට යන පිරිස් වෙත පහරදීම්ද සිදු කරන අතරම සාමාන්‍ය වැසියන්ට අයිති ඉඩම් වලින් මෙන්ම රජයේ ඉඩම් වලින් වැලි ගොඩදැමීම් සිදු කලද ඒ ජනතාව දැඩි සේ අසරණ වන බැවින් වහාම මන්නාරමේ අනවසර වැලි ගොඩදැමීම් නවතා දැමීමට සියලු බලධාරීන් එක් විය යුතු බවටයි.

විරෝධතාවය අවසානයේ විරෝධතා කරුවන් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මන්නාරම් අතිරේක දිස්ත්‍රීක් ලේකම් එස්. ගුණපාලන් මහතා වෙතට භාර දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 1 =