මන්නාරමෙන් පතුරම් තොගයක් සොයාගනී

0
434
- Advertisement -
Share

මන්නාරම,කොන්දපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් ගෙවත්තක වළදමා තිබු පතුරම් තොගයක් සොයාගත් බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ නාවික හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත මන්නාරම පොලිස් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිළධාරීන් සමඟ ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී අදාළ පතුරම් තොගය සොයාගත් බවයි.

නිවස පිහිටි ඉඩමේ වළක සඟවා තිබු ටි56 වර්ගයේ ගිනි අවි පතුරම් 14 ක් එලෙස සොයාගත් අතර, අදාළ පතුරම් මෑතකදි වළදමා ඇති බවට දැක ගත හැකි බවද පොලිසිය පැවැසුවා.

සොයාගත් පතුරම් පොලිස් භාර‍යට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + eight =