මන්ත‍්‍රී දුෂණය කළ දැරිය ලොරි රථයකට යට වෙයි.

0
150
- Advertisement -

ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු, තමන්ව දුෂණය කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අධිකරණයට ගිය තරුණියක් සැලසුම් සහගත රිය අනතුරකට මුහුණ දී තිබේ.

අදාල මන්ත‍්‍රීවරයා මෙම තරුණිය දුෂණය කර තිබෙන්නේ ඈ නව යෞවන වියේ සිටියදීය. මේ වන විට මන්ත‍්‍රිවරයා සිරදඩුවම් විදිමින් සිටියි.

දුෂණයට ලක් වූ තරුණිය ඇගේ ඥාතීන් දෙදෙනෙකු සහ නීතීඥවරිය සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී, පිටුපසින් පැමිණි ලොරි රථයක් මෝටර් රථයේ හප්පා පළා ගොස් තිබේ.

අනතුරින් තරුණියගේ ඥාතීන් දෙදෙනා මිය ගොස් ඇති අතර, නීතීඥවරියගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. තරුණියද බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටියි.

තරුණියගේ මව චෝදනා කරන්නේ, මෙය හිතා මතා සැලසුම්සහගතව කළ රිය අනතුරක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 6 =