මධූෂ් සමඟ අහු වූ රයන් ලංකාවට පිටුවහල් කරයි.

0
722
- Advertisement -

මාකදුරේ මධූෂ් සමඟ ඩුබායි පොලිස් අත් අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ඊයේ රාති‍්‍රයේ ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර තිබේ. පිටුවහල් කරන ලද අදාල පුද්ගලයන් පස් දෙනා අද අළුයම 5.25ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් සියලූ දෙනාම ප‍්‍රශ්න කිරීම ස`දහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත. මාකදුරේ මධූෂ් සමග අත් අඩංගුවට පත් වූ පිරිසෙන් පුද්ගලයන් අට දෙනෙකු මීට පෙර ලංකාවට පිටුවහල් කරනු ලැබීය. ඔවුන් අතරෙන් කංජිපානි ඉම්රාන්, බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, ජංගා හෙවත් අනුෂ්ක කෞෂාල් සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල යන සිව් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනිත් අය ප‍්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 2 =