මේ වන විට ඩුබායි පොලිස් අත් අඩංගුවේ පසුවන මාකදුරේ මධූෂ් ලංකාවට නොගෙනෙන එක වඩාත් හොඳ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ලංකාවේ නීතියේ සිදුරු ඇති බැවින් මධූෂ් වැන්නෙකුට ඉන් රිංගා යෑම ලේසි විය හැකි වීමත්, කවදා හෝ ජනාධිපති සමාව හිමි වී එළියට ඒමේ ඉඩ කඩ ඇති බැවිනුත්, නීතිය තදින් කි‍්‍රයාත්මක වන රටක ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වීම වඩාත් සුදුසු බවයි ඒ මහතා පවසන්නේ.