මධූෂ්ගේ කුඩුජාවාරමට සෘජුවම සම්බන්ධ ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කවුද..?

0
525
- Advertisement -
Share

මධූෂ් විසින් කරන ලද හෙළිදරව් කිරීම් වලට අනුව, ඔහුගේ කුඩු ජාවාරම හා සම්බන්ධව සිටි බවට තොරතුරු ලැබී තිබෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂණ කටයුතු අරඹා ඇති බව වාර්තා වේ. චෝදනා එල්ල වී තිබෙන මන්ත‍්‍රීවරයා, බස්නාහිර පලාත නියෝජනය කරන, එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත‍්‍රීවරයෙකු බව පැවසේ. මධූෂ්ගේ කුඩු ජාවාරමට හවුල් වී ඇති බවට දැනට තොරතුරු ලැබී ඇත්තේ අදාල මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් පමණක් වුවද, මධූෂ් සමගා සම්බන්ධතා පැවැත්වූ තවත් දේශපාලඥයන් රැසක් පිළිබදව තොරතුරු ලැබී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − eight =